MH370 සුන්බුන් ගැන මහාචාර්ය චරිතගේ තොරතුරු සැසඳේ

Published in පුවත්
Friday, 31 July 2015 12:43

MH370 යානයේ සුන්බුන් ගමන් කරන දිශා දක්වමින් මීට වසරකට පෙර තමා ඉදිරිපත් කළ සාගර විද්‍යා සිතියම පෙරේදා (29) යානා කොටසක් හමුවූ රීයූනියන් දූපත දක්වා විහිදෙන බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පවසයි.

යානය අනතුරට පත්වූ කාලයේ සිටම යානය සෙවීම සඳහා සාගර විද්‍යා තොරතුරු සැපයූ ලෝක ප්‍රකට විද්වතෙකු වූ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාගේ මෙම සිතියම පිළිබඳව මේ වනවිටත් ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

“පසුගියදා හමුවූ MH370 යානයේ තටුවකට අදාළ කොටසක් බවට විශ්වාස කෙරෙන කොටස මා යානයේ සුන්බුන් විසිරෙන ආකාරය දක්වමින් ඇඳි සිතියමේ ගමන්මග හා සැසඳෙනවා. ඒ ඒ කාලසීමාවේදී සුන්බුන් ගමන් කරන දුර හා පැතිරෙන ප්‍රදේශ එම සිතියමෙන් විස්තර කෙරුණා. ඒ අනුව, මාස 18කට ආසන්න කාලයේදී රීයූනියන් දූපත වෙත සුන්බුන් පැමිණීම මා එම සිතියම මගින් නිවැරදිව දක්වා තිබුණා.” යැයි මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම යානා කොටස පිළිබඳව තවදුරටත් විමර්ශනය සඳහා එය ප්‍රංශය වෙත රැගෙන ගොස් තිබුණු අතර, ගුවන්යානා විශේෂඥයන්ගෙන් අදහසට අනුව මෙය බෝයිං 777 යානයේ කොටසක්ම බව මේ වනවිට තහවුරු වෙමින් පවතී.

ඒ අනුව, 2014 මාර්තුවේදී පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය පිළිබඳව මෙතෙක් පැවති අභිරහසේ තොරතුරු කෙමෙන් ලෝකයට විවෘත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියාවේ ක්වලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී යානය අනතුරට පත්ව තිබූ අතර, මෙම ගුවන් යානා අනතුර පිළිබඳ තොරතුරක් සොයා ගැනීම වෙනුවෙන් ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම රාජ්‍යයන් රැසකගේ දායකත්වයෙන් සිදුකෙරුණි.


උපුටා ගැනීම - අද (ada.lk)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us