ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරු මිනිසා අප අතරින් උදුරාගෙන අදට වසර 26ක්

Published in කලා
Friday, 31 July 2015 13:41

ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ සොඳුරු මිනිසා අප අතරින් උදුරාගෙන අදට වසර 26කි. මේ ඔහු වෙනුවෙන් මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය කලකට පෙර තැබූ සටහනකි.

ප්‍රියේ නුඹ ම.......

මරණය ඇතැම් මිනිසුන්ව කාලයේ වැලි තලාව යට සඟවා දමයි. ඇතැම් මිනිසුන්ව සදාකාලික අමරණීය බවට ඔසවයි. ඔහු මරා දමද් දී අප ළමයින් ය. ඒ අඳුරු රාත්‍රියෙන් පසු ඔහු ගැන දහසක් සටහන් ලියවී ඇත. තවත් දස දහසක් සටහන් ලියවෙනු ඇත. මේ එබඳු සියලු සටහන් අතර දුහුවිලි කඳුළක් පමණි.

ප්‍රේමය ඔහු තරම් දිව්‍යමය ලෙස සිත්තම් කළ, සිය පරිකල්පනීය සෞන්දර්යයේ මහිමාවෙන් ඉන්ද්‍රජාලයක් සේ අප බන්ධනය කළ අනෙකෙකු මා දැක නැත. අපට කලින් තරුණව උන් පරම්පරාවට ප්‍රේමයේ සෞන්දර්යය මායාවක් නොවන වග කියා දුන් ඔහු එයින් පසු උපන් , ඉදිරියට ද ඉපදෙන බොහෝ හදවත්වලට මනුෂ්‍යයෙකු තුළ තවත් මනුෂ්‍යයෙකු කෙරෙහි පහල වන්නා වූ ප්‍රේමය නම් වූ අපරිමිත හැඟීම ස්පර්ශ කොට විඳිය හැක්කක්ය යන විශ්වාසය දී, 1989 අද වැනි දවසක සමු නො ගෙනම ප්‍රේම පරාදීසයකට නික්ම ගියේය. ලක්ශාන්ත වරක් ලියූ පරිදි ඔහුට කොකා ගැස්සූ ගිනි අවිය හිමිකරුවා ද වරක් හෝ ඔහුගේ ගීතයකින් සැනසුනෙක් විය යුතුය.

අනේකවිධ ආර්ථික, සාමාජයීය, දේශපාලනික සංකල්ප තුළ ද මිනිසාගේ දිනෙන් දින පුද්ගලීකරණය වන සත්තාව තුළ ද ප්‍රේමය හුදු ෆැන්ටසියක් බවට රූපාන්තරණය වන , අනෙකා ආශාවේ වස්තුවක් ලෙස සිතා පරිභෝජනය කරන්නට ගැහැණුන්ට සහ මිනිසුන්ට බලකරන, ගැඹුරු මානව සබඳතා වෙනුවට තත්පරමය ප්‍රවණතා තුළ බුද්ධිමත් මිනිසුන් කැමැත්තෙන් දියව යන පශ්චාත් නූතන ලෝකයට, එබඳු ප්‍රේමයක පැවැත්ම යථාර්ථයක් බව සපථ කොට ලියා තබා ගිය අසීමිත මිනිසා ඔහු ය.

‘ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ‘ යනුවෙන් සිතෙන්නට තරම් අපූර්ව පරිකල්පනයක් තිබුණු....

‘පිච්ච මලින් සැදි ලෝකය අපටයි-ස්වප්න පරාදීසේ...සුරංගනාවියනේ‘ යයි අමතන්නට තරම් සෞන්දර්යයකින් අනූන වූ...

‘නඳුන් උයනයි ප්‍රේමයේ ඔබ-සඳුන් සිහිලයි ජීවිතේ‘ යයි කියන්නට තරම් ප්‍රේමය කෙරෙහි වූ උත්තුංග විශ්වාසයක් තැබූ....

‘මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි‘ යනුවෙන් ලියා ‘ඒ නගරයේ‘ ප්‍රේමය ගැන කිසිවෙකුටත් යළිත් ලියන්නට යමක් ඉතිරි නොකළ...

‘මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා‘ යයි ලියා නාදල්ලක් මත සදහටම අනුරාගය තැවරූ...

‘ මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු -රහස් අහස් තලයට පවරා‘ යයි කියන්නට තරම් සංයමයක් තිබුණු....

‘කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී-පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ...
ජීවිතයට ඔබ අළුතින් එක් වී-මා ජීවත් කර සතුට ගෙනාවූ‘
යයි ලියා ප්‍රේමයේ නිම නොවන බලාපොරෙත්තුව මායාවක් නොව යථාවක් බවට සපථ කොට නික්ම ගිය....

ප්‍රියේ නුඹ ම...

ඔව්...
ප්‍රියේ නුඹ ම!

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us