මම මටම දොස් පවරා ගන්නවා-මාලිංග

Published in ක්‍රීඩා
Saturday, 01 August 2015 10:09

පාකිස්තානය හමුවේ ලකුණු 29ක පරාජයක් උරුමකරදුන් විස්සයි20 පළමු තරගයේ දී සිය දුර්වල පන්දු යැවීම පිළිබඳ තමාටම දොස් පවරාගන්නා බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.

ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා රාත්‍රී පැවැති මේ තරගයේ දී මාලිංග යැවූ ඕවර 4දි ලකුණු 46ක් උදුරා ගැනීමට පාකිස්තානුවන් සමත්විය. සිය මංගල තරගයට සහභාගිවෙමින් ආරම්භක පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කළ 20 හැවිරිදි බිනුර ප්‍රනාන්දුගේ ඕවර 4දී පාකිස්තාන පිතිකරුවන් රැස් කළේ ලකුණු 38ක් පමණි.

‘මම හොඳින් පන්දු යැව්වේ නෑ. නවක ක්‍රීඩකයන් පන්දු යැවූ ආකාරය බැලුවම මම මීට වඩා කළ යුතුව තිබුණා. ඕනෑම කණ්ඩායමක් අන්තිම ඕවර 5දී ඉතා වේගයෙන් ලකුණු ලබාගන්නවා. නමුත් ඒ ඕවර 5න් මම යැවූ ඕවර 2 කොහෙත්ම යහපත් වුණේ නෑ. ඔවුන් ලකුණු 175ක් රැස් කිරීමට ඒකත් බලපෑවා’ මාලිංග එසේ කීවේය.

පාකිස්තානුවන් ඔවුන්ගේ ඉනිමේ 15වැනි ඕවරය නිමාවනවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116කි. නමුත් අවසන් ඕවර 5දී ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගෙන් ලකුණු 59ක් සොරා ගැනීමට ඔවුහු සමත්වූහ. ඉන් ඕවර දෙකක්ම යවනු ලැබුවේ මාලිංග විසිනි. ඒ ඕවර ද්විත්වයෙන් පාකිස්තානුවෝ ලකුණු 22ක්ම උදුරා ගත්හ. මාලිංග යැවූ පාකිස්තානු ඉනිමේ 14වැනි ඕවරයෙන් ලකුණු 15ක් ලබා ගැනීමට ද ප්‍රතිවාදින්ට හැකිවිය. කෙසේවෙතත් ලකුණු 175ක් යනු හඹාගොස් ජයගත හැකි ඉලක්කයක් බව ශ්‍රී ලංකා පිලේ නායකයාගේ අදහස විය.

‘නමුත් අවාසනාවට අපිට හොඳ ආරම්භයක් ලැබුණේ නෑ. කුසල් ජනිත් වේලාසනින්ම දැවී ගියා. ඒකට එයාට දොස් කියන්න බෑ. අපි එයාට නිදහසේ ඔහුට ආවේනික ලෙස ක්‍රීඩා කිරීමට ඉඩදී තිබෙනවා. ඩිල්ෂාන්ගේ දැවීයාමත් අවාසනාවන්ත කරුණක් වුණා’ ඔහු කීවේය.

සිය මංගල විස්සයි20 තරගයට සහභාගිවූ ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන තරගයේ වැඩිම ලකුණුලාභීන් වීම කැපී පෙනුණි. මීට අමතරව වසර තුනකට පසුව කණ්ඩායමට එක්වූ චාමර කපුගෙදර ද ඒ අතර සිටී.

‘කපු (චාමර කපුගෙදර) සහ මිලින්ද ඉතා හොඳින් පිත්ත හැසිරුවා. අපි කපුව ගත්තේ ඉදිරිපෙළ පිතිකරුවෙක් විදිහට නෙවෙයි. පසුපෙළ පිතිකරුවෙක් විදිහට අන්තිම ඕවර කිහිපය තුළ වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරිමේ අදහසිනුයි. කොහොමහරි තමන්ට එය කළ හැකි බව කපු ඔප්පු කරලා පෙන්නුවා. දඟ පන්දු යවන්නෙක් විදිහට ජෙෆ්රි වැන්ඩේසේ හොඳින් තම කාර්යය ඉටුකළා. සමස්තයක් විදිහට ගත්තම මේ තරගයේ දී යොවුන් ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය සතුටට කරුණක්’ මාලිංග කීවේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us