ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව පෙනෙනට තිබේ.
ගුවන්සේවා අධිකාරිය බිල්ඩිමකට කෝටි 1306ක් කුලී ගෙවලා ! සබීතාගේ කුලියට දෙවැනි නැත.
සිවිල් ගුවන්සේවා අධිකාරී කාර්යාල මුලස්ථානය පවත්වාගෙන යන 3 මහල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ. මෙහි මාසික කුලිය ලක්ෂ 60ක් වන අතර වත්මන් ගොඩනැගිල්ල එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතකුට අයත් එකක් බවද අධිකාරී සේවකයින් පවසයි.
අරුන්දික, උදයංග හමු වුණේ ජපන් තානපති ගංගනාත්ගේ ගෙදරදි !
මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය තුලදී ඊට අපරාධමය වරදක් සම්බන්ධයෙන් මත ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටින උදයංග වීරතුංග හා නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී ඇත්තේ ජපානයේ ශ්‍රිලංකා තනාපති ධමමික ගංගනාත් දිසානායකගේ නිවසේදී බවට අප වෙත විශ්වාසනීය තොරතුරු මාර්ගයකින් දැන ගැනීමට ලැබී තිබේ.
අල්ලස් කොමිසමේ හොරුන්ගේ තුරුලේ ! හොරාගේ පැමිණිල්ලටත් විමර්ශන සිදු කෙරේ.
රුපියල් බිලියන ගනනක් බදු වංචා කළ බදු හොරෙකුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්නාමිකව (යැයි එසේ කියන) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අද දින (16) ජනමාධ්‍යවේදියකු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මේ බදු හොරා හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල්වරිය අතර වන අනොන්‍ය අවබොධය මත එම බදු හොරාගේ බදු කපා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ හෙලිදරව් කිරීමකි.
ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි තර්ජනය කිරීම සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කර දින 18 කට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධ විභාගයක් සිදුව නැති බව වාර්තා වෙයි.
හොකී මාෆියාව, දයාසිරිට මොකවත් බැරි බව ආයෙත් පෙන්වයි
ශ්‍රි ලංකා හෝකී සම්මේලන යනුවෙන් ආයතනයක් මෙරට මේවන විට ක්‍රියාත්මකව නොමැති වූවත් ශ්‍රි ලංකා හොකී සම්මේලනයේ ලිපි ශිර්ෂ පාවිච්චි කරමින් එහි හිටපු සභාපතිවරයා වන නියොජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ තව දුරටත් මෙරට හා විදේශිය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගනු දෙනු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි පිට පැමිණිලි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ලැබී තිබුණද සුමිත් එදිරිසිංහ ඇතුලු එම දූෂිත ක්‍රීඩා සංගම් නිලධාරීන්ට එරෙහිව 'හප්' කියා කීමටවත් ක්‍රීඩා ඇමැතිට මෙතෙක් හැකිව නොමැත.
2016 දී තීරුබදු සහන වාහන බලපත්‍ර නිසා රු.බිලියන 38 ක් රජයට අහිමි වේ.
පසුගිය වසරේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තීරු බදු රහිත සහන මිලට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38.2 වන බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ඒ ඊට පෙර 2015 වසරේ පාඩුවට වඩා බිලියන 2 ක අඩුවීමකි.
මෙරට රාජ්‍ය අංශයේ ආර්ථිකමය මර්මස්ථාන කේන්ද්‍රකරගෙන සිදු වෙමින් පවතින මූල්‍ය වංචා දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චර පුරුෂයන් යොදවා ඒ සම්බන්ධයෙන් සොයා බලා මුදල් ඇමැති හා අගමැතිවරයාට වාර්තා කිරීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.