අද කැබිනට් තීරණයක් නොගතහොත් ගුරු සටන දැඩි වන ලකුණු !

Published in පුවත්
Monday, 09 August 2021 08:27

වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අද (9 වැනිදා) තීරණයක් නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

විරෝධතාවන්ට එක් වූ ඇතැම් ගුරුවරුන්ට මේ වන විට සිතාසි යවා ඇතැයි ද අරගලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග හමුවේ කිසිසේත් ආපස්සට නොයන බව ද ඒ මහතා කීවේය.

ජෝශප් ස්ටාලින් මේ බව සඳහන් කළේ එම වෘත්තීය සමිති එකමුතුවේ මෙහෙයවීමෙන් කොළඹ 2, ගුරුමැදුර ශාලාවේ ඊයේ (08 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

ගුරු අරගලය අවසන් බවට ආණ්ඩුව ප්‍රචාරයක් ගෙන යන බවත් ආරම්භ කළ කිසිදු ක්‍රියාමාර්ගයක් වෙනසක් නැතිව අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබෙන බවත් කී ඒ මහතා ගුරු සටනට අද තීරණාත්මක දිනයක් යැයි ද කීවේය. වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

“මේ වෙනකොට ඇතැම් ගුරුවරුන්ට සිතාසි යවලා තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ අරගලය මර්දනය කරලා වෘත්තීය සමිති අඩපණ කරන්නයි. එවන් මර්දනයකට අපි ඉඩදෙන්නේ නැහැ. එවන් ක්‍රියාමාර්ග හමුවේ අරගලය තවත් තීව්‍ර කරමින් අපි ඉදිරියට යනවා. ගුරුවරුන් නිසා කොවිඩ් ව්‍යාප්තියක් ඇති වුණා කියලා ආණ්ඩුව කියනවා. ආණ්ඩුව කියන ගුරුවරුන් උද්ඝෝෂණවලට සම්බන්ධ වුණේ නැහැ. අසනීප තත්ත්වයන් නිසා උද්ඝෝෂණවලට එන්න ඒ අයට හැකි වුණේ නැහැ. අපි ඉතාමත් වගකීමෙන් කියන්නේ. බොරු ප්‍රචාර කරලා අපිව වළක්වන්න ආණ්ඩුවට හැකි වෙන්නේ නැහැ.

අපිට හිමි වැටුපෙන් සියයට හැටක් නැතුවයි අපි වැටුප් ගන්නේ. රාජ්‍ය සේවයේ බහුතරයකට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය සේවයේ වැටුප් ඉතාමත් අඩුයි. ඊටත් වඩා අඩු වැටුපක් ගුරුවරුන්ට ලැබෙන්නෙ.

කොවිඩ් නිසා පාසල් වහලා තියෙන්නේ. පාසල් වහලා තියෙද්දි පාසල් එන්න කියලා අමාත්‍යාංශ ලේකම්වරයා කලින් දැනුම් දීමක් කළා. අපි සියලු දෙනා ඊට එරෙහි වුණා. අවසානයේ ඒ චක්‍රලේඛය ඉවත් කර ගන්න සිදු වුණා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,

අපි මේ අරගලය ආරම්භ කළේ පසුගිය 12 වැනිදා. මේ වන විට දින විසිඅටක් පමණ ගත වෙලා. වෘත්තීය ක්‍රියාමාර්ග ඉතාමත් සාර්ථකයි. මාර්ග ගත අධ්‍යාපන කටයුතුවලින් , සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වීම, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවල ලේඛන සකස් කිරීමෙන් වැළකීම යන ක්‍රියාමාර්ග ඉතාමත් සාර්ථකයි.

අපි ඉල්ලන්නේ වැටුප් වැඩි වීමක් නෙමෙයි. වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීමට අමතරව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කරන්න කියන ඉල්ලීමත් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි සියලු දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පහසුකම් ලබා දෙන්න කියන බරපතළ ඉල්ලීමත් තවත් එකක්. මේ ඉල්ලීම් දිනාගැනීමේ අරගලයට දැන් දින විසිඅටක් ගත වෙලා.

තවදුරටත් ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කරන්නේ නම් වීදි සටන් වෙනුවට නව සටන් මාවතකට යොමු වෙන්න අපි සූදානම්. ලබන සතියේ සිට ඒකාබද්ධ සටන් මගකට එනවා. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර ආයතනත් දැනුවත් කරන්න අපි සූදානම්.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි සහ ඒකාබද්ධ ගුරු සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ඇතුළු ක්‍රියාකාරීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us