මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන ඉහළට !

Published in පුවත්
Monday, 09 August 2021 08:16

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 293,357ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් 19 ආසාදිතයකුගේ පළමුපෙළ ආශ්‍රිතයකු බවට හඳුනාගැනෙන පුද්ගලයකු දින 3-5 ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් කරගන්නා ලෙස එක්සත් ජනපදයේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා ඇත.
මීට පෙර පළමුපෙළ ආසාදිතයන්ට කොවිඩ් 19 සඳහා පරීක්ෂණයකට ලක්විය යුතු කාල සීමාව ලෙස එක්සත් ජනපද ආයතනය විසින් දක්වා තිබුණු කාලය දින 5-7 අතරය.

පළමුපෙළ ආශ්‍රිතයන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් අදාළ කාල සීමාව තුළ පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් බවත්, රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් (රැපිඩ් ඇන්ටිජන්) සිදු කර ගැනීම සුදුසු බවත් ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම කරුණු දැක්වීම තමාගේ පෞද්ගලික මතය බව පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර බොහෝ පුද්ගලයන් නිසි උපදෙස් පිළි නොපැද ප්‍රතිඵලදායක නොවන අයුරින් කොරෝනා පරීක්ෂණ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකරනු දැකගත හැකි බව සඳහන් කළේ ය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us