අන්තරේ සිසු නායකයන් සොයා රටපුරා පොලිස් මෙහෙයුම්

Published in පුවත්
Saturday, 07 August 2021 12:07

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන විසින් පවතවනු ලැබු විරෝධතාවයට සම්බන්ධ වූ සිසු නායකයන් සොයා රටපුරා පොලිස් මෙහෙයුම් දියත් කර තිබෙන බවට චොදනා එල්ලවේ.

එමසිසුන් පෙන්වා දෙන්නේ ඊයේ රාත්‍රීයේ සිට මේ වන තුරුත් පොලීස් නිළධාරීන් එම සිසු නායකයන්ගේ නිවෙස් සෝදිසි කරමින් සිටින බවය. ඒ අතර රාජාංගනය ප්‍රදේශයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයකුගේ නිවසට පෑලියගොඩ පොලීසියෙන් යැයි සඳහන් කරමින් ( W/P NE O811 අංක දරණ ජීප් රථයෙන් පැමිණි) සිවිල් සහ නිල ඇඳුමෙන් පැමිණි පිරිසකගේ බලහත්කාරයෙන් ඇතුළුවීමක් ගැනද වාර්ථා වේ. එම නිලධාරීන් නිවැසියන්ට තර්ජනය කර ඇති බවත් අදාල සිසුවා සහ අනෙක් සිසු නායකයන් තවදුරටත් සැඟව සිටීනම් ඉදිරියේදී නිවැසියන්ට කරදරවලට මුහුණ දීමට සිදුවෙනු ඇතිි බවට අනතුරු හැඟවීමක්ද සිදුකර තිබේ.

මේ අතර ඊයේ අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්‍රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් තිදෙනකු ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.

රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන දෙදෙනා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබා ඇත

Last modified on Saturday, 07 August 2021 13:06

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us