ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක්- පැය 24 කදී ආසාදිතයින් 1762ක්

Published in පුවත්
Saturday, 07 August 2021 11:44

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම - 223 ක්, මහර - 202 ක්, වත්තල - 181 ක්, ගම්පහ - 151 ක්, අත්තනගල්ල - 140 ක්, මීරිගම - 131 ක්, මිනුවන්ගොඩ - 128 ක්, දොම්පෙ - 122 ක්, ජාඇල - 113 ක්, කැලණිය - 97 ක්, දිවුලපිටිය - 93 ක්, මීගමුව - 56 ක්, රාගම - 48 ක්, සීදූව - 40 ක් සහ කටාන - 35 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 78 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 51 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 22 ක් වශයෙන් හමුව ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

පැය 24 ක කාලය තුල ආසාදිතයින් අතුරින් දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත 527 දෙනෙකු යොමු කොට ඇති අතර රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 63 දෙනෙකි. මින් ආසාදිතයින් 256 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබති.

නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 19,260 දෙනෙකි.

 

 

ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us