කොවිඩ් මරණ ගාන අඩුකරන්න අපූරු විසඳුමක්

Published in පුවත්
Tuesday, 10 August 2021 12:07

නිරෝධායනය නොවන පවුලක යම් පුද්ගලයකු මිය ගියහොත්, ඔහුගේ මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ පරීක්ෂකවරුන්ට පවරා තිබෙන බව වාර්ථා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද දැනුම්දීමකට අනුව අධිකරණ අමාත්‍යාංශය එම පියවර ගෙන තිබේ.

නිරෝධායනය නොකළ යම් පවුලක සාමාජිකයකු නිවසේ දී හෝ ​රෝහලේ දී මියගිය හොත් එම මෘත දේහය පශ්චාත් මරණ පැවැත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීම හේතුවෙන් ඒවායෙහි ඇතිවන තදබදය අවම කිරීමේ අරමුණින් අදාළ පියවර ගෙන තිබෙන බවත් පැවැසේ.

නමුත් යම් පුද්ගලයකු සැකකටයුතු අයුරින් මියගොස් තිබේ නම් හෝ සියදිවි නසාගෙන තිබේ නම් සුපුරුදු නීතිමය කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ප්‍රකාශිත නිල දත්තවලට වඩා කොවිව් ශ්‍රී ලංකාව තුළ පැතිර ඇති බවට සාමාන්‍ය දැනුමෙන් පවා තේරුම ගත හැකිව තිබෙන අතර දිනකට විශාල මරණ සංඛ්‍යාවක්ද සිදු වෙමින් පවතී. එහෙත් නිරෝධායනයට යොමුනොවී හෝ තමන් වසංගතයට නිරාවරණ වී ඇති බව දැනගැනීමට පෙර නිවසේදී හෝ මහ මඟදී මරණයට පත්වන විශාල පිරිසක්ද සිටින බව හඳුනාගෙන තිබේ.

එහෙත් මෙම මළ සිරුරුද පීසීආර් පරීක්ෂණ මඟින් කොවිඩ් අසාදිත බව හඳුනාගැනීම මෙතෙක් කල් සිදු කෙරුණු අතර එම මරණද කොවිඩ් මරණ ලෙස ලැයිස්තු ගත විය. නව තීරණය නිසා එම මරණ කිසිවක් කොවිඩ් මරණ ලෙස ලැයිස්තු ගතවීමක් සිදුනොවී අවසන් කටයුතු සිදුවීමේ විශාල හැකියාවක් පවතී . ඒ අනුව සැබෑ ලෙසින්ම සිදුවන කොවිඩ් මරණ ගනන ඉදිරියේදී අඩු වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us