මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකර ඔහුව එම ධුරයෙන් ඉවත් කරන බවට ප්ර්කාශයක් ජනාධිපතිවරයා මෙම සති අන්තය තුලදී සිදු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන්  අක්‍රමිකතා සිදුව තිබෙන බවට මේවන විට ආණ්ඩුවේම කොටස්, ඒකාබද්ධ විපක්ෂය නියොජනය කරන කොටස් හා නිල විපක්ෂය නියොජනය කරන ජනතා විමුක්ති පෙරමුණද දිගින් දිගටම පෙන්වා දෙමින් තිබේ.

කොළඹ මහ නගර සභාව විසින් පවරා ගැනීමට යාමේදී අයිතිකරුවන් රැසක් ඉදිරිපත්වීම නිසා මහත් කලබැගෑනියක් බවට පත්වූ කොළඹ 07 බාන්ස්‌ පෙදෙසේ රුපියල් කෝටි 800 ක්‌ පමණ වටිනා ඉඩමේ ගනුදෙනු පිටුපස එවකට රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රබලයකුගේ සහ පාතාල හිතවත්කම් පැවති දුෂිත ව්‍යාපාරිකයෙකුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින මන්ත්‍රී කණ්ඩායම රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ චෝදනා කළහ. ඔවුන් එලෙස චෝදනා කළේ අද (14දා) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගියදා අවිස්සාවෙල්ල කොස්ගම සාලාව යුධ හමුද කඳවුරේ 'උප උණ්ඩ ගබඩාව' ගිනිගෙන විනාශ වී යෑමේ වගකීම එම ගමබාව මිට මාස කිහිපයකට පෙර බාරව සිටි හමුදා නිළධාරියා මත පැටැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ලංකාවේ එකම රාජ්‍ය පුවත්පත් නියෝජිත ආයතනය වන ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුවක ආරාධනයට ආයතන ප්‍රධානියා වන නන්ද මුරුත්තෙට්ටුව, ගුවන් විදුලි සංස්ථාවේ මුදලින් ලංකාපුවත් ආයතනයේ විධායක නිලධාරිනියක ද කැටුව සතියක නිවාඩුවකට රුසියාවේ ගොස් ඇති බව ලංකා පුවත් ආයතනයේ සේවකයන් පවසයි. ඇයට මේ සඳහා ආරාධනාවක් ලැබී නැත.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පරිසරික විනාශය ගැන වාර්ථාවක් බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවට බාර දීම, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ලබන 15 වන දින සිදු කිරීමට නියමිතය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෙන ආ ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පිහිටවූ එම අධිකාරියේ සභාපතිධුරය ඉසුලූ මහාචාර්ය ලාල් ජයකොඩි මහත හා ප්‍රධාන විධායකධුරය ඉසුලූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වන තැනට වැඩ සලස්වා මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දොස්තර කමල් ජයසිංහව පත් කර තිබේ.

ld add copy

Connet With Us