මෙරට පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකශ කර තිබේ.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා මානව සම්පත් සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහ ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන ඊයේ (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිරීක්ෂණය කර ඇත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදි පිළිගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර තබේ.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්ඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ප්‍රකාශ කරයි.

කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යවන ලද ලිපියක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඇමැති විමල් වීරවංශ වෙනම දේශපාලන ගමනක් සඳහා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණයක් දියත්කර තිබෙන බවට පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ වෙත විඩියෝ සාක්ෂි සහිතව පැමිණිලි කිරීමට පොදු ජන පෙරමුණෙහි මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කර තිබිණි.

පසුගිය උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලැබූ , එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු සිසුන් පිරිසක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us