රුසියානු ස්පුට්නික් එන්නතත් ගෙන්වීමට සැරසේ

Published in පුවත්
Saturday, 13 March 2021 11:21

කොරෝනා මර්දනය සඳහා මේ වනවිට රුසියානු ස්පුට්නික් එන්නත ඇනවුම් කිරීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

එසේම කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලද එන්නත වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට ලබා දීමට ද පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.
කෙසේවෙතත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 15 වැනිදායින් පසු ජනතාවට ලබා දීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ, මෙරට ජනතාව වෙත ලබාදෙන කොරෝනා එන්නතේ කාර්යාක්ෂමතාව පිළිබඳව මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us