පාස්කුවේ පිටුපස සිට පසුගිය රජයෙන් නිදහස් කළ ජමාත් සංවිධානයේ නායකයා නැවත අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 13 March 2021 11:06

පසුගිය රජය මගින් නිදහස් කර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කළ ජමාතේ - ඉස්ලාමි සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හාජුල් අක්බාර් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වහාබ් සහ ජිහාඩ් මතවාද පැතිරීම සම්බන්ධයෙන් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරේ.

පාස්කු ප්‍රහාරයේ සහරාන් කණ්ඩායම පසුපස සිටින බව කියන ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ නායකයා වූ හජ්බුල් අක්බර්ද පසුගිය රජය මගින් නිදහස් කර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කර තිබුණා.

එසේම නිදහස් වූ අනෙක් පුද්ගලයා වන්නේ පාස්කු ප්‍රහාරයේදී මාලදිවයින් ත්‍රස්තයන් සම්බන්ධීකරණය කරමින් සහරාන් මෙහෙයවූ ලුක්මාන් තාලිබ් නමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා කටාර් ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිට පසුගිය සතියේ නිදහස් වී ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස හඳුනාගත් අයගෙන් සහරාන්ගේ න්‍යායාචාර්යවරයා බව කියන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

-පංචාලි අබේසේකර

 

Last modified on Saturday, 13 March 2021 11:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us