මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසන්නේ මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12දා) දිනයේ අත්සන් තැබූ බවයි.
මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.
ඒ අනුව මෙම බුර්කා අඩුම ජාතික ආරක්ෂාවට විශාල වශයෙන් තර්ජනයක් බවයි වැඩි දෙනාගේ මතය වී ඇත්තේ. ඇතැම් රටවල මෙම බුර්කාව තහනම් වස්ත්‍රයක් වී ඇති බවත් වාර්තා වෙනවා.
-පංචාලි අබේසේකර