අන්තවාදී ක්‍රියා වලට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පුනරුත්ථාපනයට

Published in පුවත්
Saturday, 13 March 2021 13:42

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා කෝ භාර වන පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමට විධිවිධාන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව අන්තවාදී චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා හෝ භාර වන පුද්ගලයින් පැය 24ක් තුළ ආසන්නතම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත භාරදිය යුතු වනවා. ඉන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගත් අය තවදුරටත් හෝ රඳවා තබාගත යුතු ද යන්න සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. අදාළ සැකකරු විසින් නිශ්චිත වරද සිදුකර ඇත්නම් නීති පියවර ගැනීම සඳහා එම කරුණ නීතිපතිවරයා වෙත යොමු කළ යුතු වනවා.

නීතිපතිවරයා විසින් අදාළ වරදේ ස්වභාවය මත එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කිරීම සුදුසු යැයි නිගමනය කළහොත් නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතිය සමග අදාළ පුද්ගලයා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතුයි.

වසරකට නොවැඩි කාලයක් පුනුරුත්ථාපනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළ හැකි බව අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. තවද පුනරුත්ථාපන කාලය වරකට මාස 06ක් සඳහා දීර්ඝ කළ හැකියි. ඒ දීර්ඝ කිරීම්වල මුළු කාල පරිච්ඡේදය තවදුරටත් වූ මාස දොළහක් නොඉක්මවිය යුතු අතර ඒ එක් එක් දීර්ඝ කිරීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශය මත කළ යුතු වනවා.

-ITN

noten3

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us