ලෝකය ම වසංගත බියකින් වෙළී ගි‍යත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (20) දින ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ නිශ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා අනුමත කිරීම ක්‍රියාවලිය වෙනුවෙන් වන පර්යේෂණ ලියවිලි පසුගිය අඟහරුවාදා (19) ජාතික ඖෂධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) ලබා දී ඇති බව දැනගැනීමට ලැබේ.

අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ටුවිටර් ගිණුම හරහා සුබපැතුම් එක් කර තිබෙනවා.

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් (ෂැෂේ පැකට් ) තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව අද(20) ප්‍රධාන පුවත්පත් මුල් පි‍ටු සැරසී ඇත. එක් පුවතකින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක්ට අයත් තඹ කම්හලක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනෙකු නිදහස් කර ඇති බවය. තවත් පුවත්පතක් ඊයේ වාර්ථාකරන්නේ එම ප්‍රහාරයේ ප්‍රමුඛ සැකකරුවන් ගනනාවකගෙන් ප්‍රශ්න නොකරම එම කොමිසමේ කටයුතු අවසන් කර ඇති බවය. එම සිදුවීම වලට අදාල දිර්ග විස්තරන්ද මාධ්‍යයෙහි පළ කර ඇත.

කොළඹ පහ කැප්පෙටිපොළ මාවතේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.

මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය රටවල් 60 කට වැඩි සංඛ්‍යාවකට මේ වන විට ව්‍යාප්තව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us