ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න දෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි -ජොන්ස්ටන්

Published in පුවත්
Tuesday, 16 March 2021 16:36

ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න කවුරුන් හෝ යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ අදහස් පළ කළේ පසුගිය දා සීමාසහිත කුරුණෑගල විවිධ සේවා සමුපකාර සමිතියේ 50 වන ස්වර්ණ ජයන්තිය සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද පොල්අත්තාපිටිය නව කෝප්සිටි වෙළඳසැල විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

''දැන් හුගක් අය කියනවා පාස්කු ප්‍රහාරය නිසා තමයි අපි දිනුවේ කියලා. ඒක වැරදියි මේ සමූපකාර ඡන්දය අපි දිනාගත්තෙ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී. ඊළගට අපි අලුත් පක්ෂයක් හදලා ඒ පක්ෂයෙන් මේ පලාත් පාලන ආයතන ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ ආරම්භ කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණෙ නැත්නම් ඒ යහපාලන ආණ්ඩුව අවුරුදු 3න් ගෙදර යවන්න අපිට හැකියාවක් තිබුණා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරිවෙන්න නීති මගින් හිර කරල තිබුණෙ. ඒක තමා එදා සිද්ධ වුණේ. නමුත් දැන් පෙන්නන්න හදනවා මේ පාස්කු ප්‍රහාරය නිසා තමයි අපි දිනුවෙ කියලා. මේක සම්පූර්ණ බොරුවක්. තමන්ගේ නොහැකියාව වහගන්න පාස්කු ප්‍රහාරය ඉස්සරහට දාන්න හදනවා දැන් විපක්ෂය. තමන්ගෙ නොහැකියාව නිසා තමයි එදා යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට නිසි තැන ලබා නොදුන්නේ. අන්තවාදීන්ගේ ඡන්ද ලබාගන්න, අන්තවාදීන්ගේ ඡන්දවලින් බලයේ ඉන්න හිතාගන හිටපු නිසා තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. නැගෙනහිර පළාතට ගිහින් තමයි ඔවුන්ගේ සමුළු පැවැත්තුවේ. සිංහල බෞද්ධ ජනතාව ඉන්න කිසිම පළාතකවත් සමුළුවක් තිබ්බෙ නැහැ. වැඩි විශ්වාසයක් තබා තිබුණේ අන්තවාදීන්ගේ නායකත්වයට ඇහුම්කම් දෙන පළාත්වලට තමයි. අන්තවාදී නායකයෝ එක්ක තමයි පහුගිය ආණ්ඩුව කෙරුවේ. ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අසාද් සාලි ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එහෙම නැත්නම් වෙන කවුද කියන එක නෙවෙයි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණා නම් කියන්නේ දේශපාලන පලිගැනීමක් කෙරුවා කියලයි. රිශාඩ් බදියුර්දීන් ව අත්අඩංගුවට ගත්දී සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ දේශපාලන පලිගැනීම් කරනවා කියලයි. හැබැයි දැන් රිශාඩ් බදියුර්දීන්ගේ නම සඳහන් වෙනවා පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාවේ.' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 16 March 2021 16:37

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us