බුර්කාව තහනම් කරයිද ???

Published in පුවත්
Tuesday, 16 March 2021 15:13

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පවසා සිටියේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගනු ලබන්නේ විධිමත් අධ්‍යයනයකින් පසුව බවයි.

එහිදී අදහස් දැක්වූ කෙහෙළිය අමාත්‍යවරයා,

"බුර්කාව සම්බන්ධ ප්‍රශ්නයේදී දීර්ඝව සාකච්ඡා කළා. විශේෂයෙන් පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමත් පසුගිය වසර 10 හෝ 15 තුළ සංස්කෘතිකව ඇතිවෙලා තියෙන වෙසන්කම් සම්බන්ධවත් සාකච්ඡා කළා. අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගැනීම, ඒ තිබ්බ සහජීවනය ගැන කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. මෑත කාලයේදී සංස්කෘතික අංග වෙනස් වෙමින් පවතින්න ගත්තා. එය කළ යුත්තේ කොයි ආකාරයෙන් ද, හදිසි නොවී කළ යුතුයි කියන මතයට අපි ඇවිත් තියෙන්නෙ," යනුවෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් මෙරට තුළ බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගියදා සඳහන්කර තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us