විද්‍යුත් ජා.හැ. නිකුත් කිරීම වසර 2ක් තුළ අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 16 March 2021 13:33

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් යළි ලියාපදිංචි කෙරෙන අතර ලියාපදිංචි කිරීමේ දී දැනට ලබා ගන්නා ජීව දත්තවලට අමතරව ඇඟිලි සලකුණු, මුහුණේ විශේෂතා වැනි ජීව මිථික දත්ත ද ලබා ගැනේ.

එය හැඳින්වෙන්නේ sri lanka unique digital ID ලෙසිනි.

මෙම ව්‍යාපෘතියට අදාළව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ වෙයි. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙම ඕනෑම ආයතනයකට ඇතුළත් වීමේ දී පුද්ගලයකුගේ ඇඟිලි සලකුණෙන් පමණක් ඔහු හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ 2011 වසරේ සිට මේ දක්වා ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් දෙසිය විසිපන් කෝටි හය ලක්ෂ අසූදහසකි.

ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා අවස්ථා තුනකදී කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබා ගෙන තිබේ.

මෙම දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ය. ජනාධිපතිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවසීය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us