අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් !

Published in පුවත්
Wednesday, 17 March 2021 09:50

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඒවා සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර ඇත.

අසාද් සාලි ඉකුත් 10 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

අසාද් සාලි කරන ලද එම ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන බව නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (16 වැනිදා) දැනුම් දී තිබේ.

අසාද් සාලි මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට නීතිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us