මෙරට සමාගම් කිහිපයක් විසින් නළ ළිං මගින් භූගත ජලය සූරා ගැනේ

Published in පුවත්
Thursday, 18 March 2021 12:13

බහුජාතික බීම සමාගම් කිහිපයක් ඇතුළු මෙරට ප්‍රධාන පෙ​ළේ ව්‍යාපාරික ආයතන, සමාගම් හා කර්මාන්ත ශාලා 500කට අධික ප්‍රමාණයක් නළ ළිං මගින් භූගත ජලය සූරා ගැනීමක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එවැනි ව්‍යාපාරික ආයතන පිළිබඳ කඩිනමින් සොයා බලා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මෙරට සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිඛිත නියෝගයක් කර ඇත.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරගේ නිර්දේශ මත අමාත්‍යාංශ ලේකම්වරයා මෙම නියෝගය කර ඇති අතර මේ ආකාරයේ සමාගම් විසින් භූගත ජල ලීටර් ලක්ෂ ගණනක ප්‍රමාණයක් ව්‍යාපාර කටයුතු සඳහා ලබාගැනීමෙන් වන අහිතකර තත්ත්වයට පිළියම් සෙවීම මෙහි අරමුණ වී ඇත.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර සදහන් කරන්නේ මෙම ව්‍යාපාරික ස්ථාන නළ ළිං බලපත්‍ර සඳහා පමණක් මුදල් ගෙවා ඇති බවයි. එහෙත් කිසිඳු ගෙවීමකින් තොරව සූරාගැනීමකට ලක්කර ඇතැයි යනුවෙනි.

ඔවුන් ලබාගන්නා සෑම ජල ඝන මීටරයකටම මුදල් අයකිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද නිවෙස්වල හා පොදු ස්ථානවල සවිකර ඇති නළ ළිංවලට මෙම ක්‍රමවේදය අදාළ නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us