උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ- අගමැති

Published in පුවත්
Thursday, 18 March 2021 11:52

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහෝන්ද රාජපක්ෂ ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කර තිබේ.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත.

මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූනු හා රතු ලූනු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අවශ්‍යතාව පිළිබඳවඅග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපණවීම, විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්, ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

මෙහි දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් කොවිඩ්-19 වසංගතය සමඟ ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙන බවත් , ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩිවිය හැකි බවත් එහිදී මහ බැංකු නියෝජිතයෝ පෙන්වා දී තිබේ .

ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමත්, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමට අවශ්‍ය බව මහ බැංකු නියෝජිතයෝ පැහැදිළි කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට පත් සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණය සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිදැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මෙහි දී විමසා සිටියේ ය.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වය පළ කළ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රියට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස්දී ඇත.

මෙයට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25 000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිල දී ගැනීමට ද මෙහි දී අවධානය යොමු විය. රට තුළ සහල් හිඟයක් නොමැති බව කී බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බව හෙළි කළේ ය. එමෙන්ම අවුරුදු සමයේ එළවළු මිල පහළ යනු ඇතැයි හෙතම සිය විශ්වාසය පළ කර ඇත.

මේ අතර පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අදහස් පළ කරමින් ඉදිරියේ දී සතොස හරහා අඩුමිලට පොල් අලෙවි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රකාශ කර ඇත.

ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ , කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් ක්‍රියාමාර්ග සඳහා එම සමාගම් වර්තමානයේ සහය ලබා දීම යුතුකමක් බවත් කියා සිටියේ ය.

-පංචාලි අබේසේකර

m5m4m3m6m7m1m2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us