ගාලූමුවදොර මුහුදේ ඉදිකෙරෙන වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය රජය කනස්සල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඉන්දීය රජය අවධානයෙන් පසුවන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් අප්‍රේල් 23 වැනිදාට ප්‍රථම ආණ්ඩුව විසුරුවා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමේ සූදානමක් ඇතැයි අනාවරණය වේ. යම් හෙයකින් එය සිදු වුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69කට විශ්‍රාම වැටුප් අහිමිවනු ඇත.

රුපියල් කෝටි 400ක් වූ දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව සිදු කිරීමේ චෝදනාවට වරදකරුව අධිකරණය මඟහැර සිට මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වූ ව්‍යාපාරිකයන් දෙදෙනා මේ මස 10දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (8) නියෝග කළේය.

පාර්ලිමේන්තුවේ රැස්වීම සජීවී විකාශය කිරීම ලබන 20 දින සිට යළි ආරම්භ කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා සෙනසුරාදා (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් මලික් සමරවික්‍රම මහතා ඊයේ රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒකමතික තීරණයෙන් තේරී පත් විය.

ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථම වතාවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කෝට්ටේ සිරිකොත මන්දිරයේදී ඊයේ රැස් විණි.

රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණයන් පෙබරවාරී මස 1 වැනිදා සිට වෙළඳ පොළේ පැවැතියහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවද රූපමය අවවාද නොමැති දුම්වැටි සහිත අසුරණ ඕනෑතරම් තවමත් මෙරට වෙළඳ පොළේ විකිණිමට ඇති බව හෙළිවෙයි.

කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල ඇති 'නෙළුම් පොකුණ මාවත' යළි 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.

worky

worky1

ld add copy

Latest News

ආර්ථික පරිවර්තනය  නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරලා   

ආර්ථික පරිවර්තනය නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරලා  

මෙරට ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us