පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී, රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේ එහි සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටිති.
“ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටිති. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයයි ද මහා සංඝරත්නය අවධාරණය කළහ.
සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටිති. ඒ පිළිබඳව කණගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන මේ වැඩපිළිවෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.
ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.
ත්‍රිපිටකය රැක ගනිමින් සංරක්ෂණය කිරීම යනු අපගේ බෞද්ධ උරුමයත්, සංස්කෘතියත් ආරක්ෂා කිරීමයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බව පෙන්වා දුන් මහා සංඝරත්නය ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.
2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැන්වීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. කෙටුම්පත මහා නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මසක් තුළ සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය විය.
පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණ.
ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාමේ දී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවලට වැඩවිසීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ඉල්ලා සිටියහ.
පරිසරය සහ සතා සීපාවා රැක ගැනීමට අතීතයේ පටන් මහා සංඝරත්නය සුවිශාල කැපවීමක් කළහ. භික්ෂුන් වහන්සේගෙන් කිසිදා පරිසරයට හානියක් නොවන අතර, කිසිවෙකුට පරිසරයට හානි කිරීමට උන්වහන්සේලාගෙන් ඉඩක් නොලැබෙන බව ද අවධාරණය කෙරිණ.
තවමත් රටේ ජනගහණයෙන් 75%ක් පමණ වන ග්‍රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ගැටළු සමුදායකින් පීඩා විඳිති. ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට ගමින් ගමට යමින් දෙන ආදර්ශය අගය කළ උන්වහන්සේ ඊට ද එරෙහිව ඇතැම් පිරිස් ගෙන යන සාවද්‍ය ප්‍රචාර නිසා ගමට යාම නතර නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
-පංචාලි අබේසේකර