කොවිඩ් හමුවේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටලු විසදීමට ඇමති බන්දුල මැදිහත්වේ

Published in පුවත්
Saturday, 20 March 2021 12:27

Covid-19 වසංගත අභියෝගය හමුවේ ප්‍රජාවක් ලෙස ව්‍යාපාරිකයින් හට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලු සහ එම ගැටළු විසදා ගැනීම සඳහා පොළාන්නරු දිස්ත්‍රික් ව්‍යාපාරික සංසද එකමුතුවේ හමුවක් ඊයේ පස්වරුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පුලතිසි චන්ද්‍රමණඩපයේදී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ සංවිධාන ශක්තියෙන් යුතුව, ජනාධිපතිතුමන්ගේ" සෞභාග්‍යයේ දැක්ම ' ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින්, අග්‍රාමාත්‍යතුමන්ගේ නිබඳ මගපෙන්වීම යටතේ,"අනාගත පොලොන්නරුව" තුළ ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් මෙම " දිස්ත්‍රික් ව්‍යාපාරික හමුව" පැවැත්විණි.

වසංගත අභියෝගය හමුවේ ප්‍රජාවක් ලෙස ව්‍යාපාරිකයින් හට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලු සහ එම ගැටළු විසදා ගැනීම සඳහා ඔවුන් විසින් ගෙන එනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමත්,රජයේ සහන සහ කාරක ප්‍රාග්ධනය ව්‍යාප්තිය හා දියුණුව ව්‍යාපාරික ප්‍රජාව විසින් රටේ ආර්ථික ප්‍රසාරණයට දායක කරගැනීමත්,ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා , ආර්ථික පුනර්ජීවනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම, දිරිමත් කිරීම,නගාසිටුවීම මෙහි ප්‍රධානතම අරමුණ විය.

මෙම උත්සව අවස්ථාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමරකීර්ති අතුකෝරල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමා, ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික සංගම්වල සභාපතිවරුන්,දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව, හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්ද සහභාගි වී සිටි බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

b1b2b3b4b5

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us