මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර සංරක්ෂණය කළ යුතුයි -ජනපති

Published in පුවත්
Tuesday, 23 March 2021 09:28

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව ඊයේ (22) පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගෙන් මෙලෙස පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලැබී ඇත්තේ.

“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට රජයෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කෙරේන බව එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත.

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වීමට සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනා උත්සුක විය යුතු බවත් එහිදී ජනපතිවරයා අවධාරණය කර ඇත.

පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතක බවත් ,කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කිරීමට 2015 ට පෙර රජය ක්‍රියාකළ බවත්, එවක මේ ප්‍රගතිය සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු වූ බවද ජනපතිවරයා එහිදී සදහන් කර ඇත.

මැණික් ගඟේ පොලිතීන් සහ ප්ලාස්ටික් රඳවන ස්ථාපනය, කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වභාවික මල්මාලා භාවිතය ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වාදීම ද වැඩසටහනේ සමාරම්භයට සමගාමීව සිදු කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා සැලසුම් කළ වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජලසම්පත සුරැකීම අපේක්ෂාවයි. ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම හා සංචාරක ප්‍රවර්ධනය වැඩසටහනේ සෙසු අරමුණු අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” වැඩසටහන සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් සති දෙකක කාලයක් තුළ පරිගණක යෙදවුමක් භාවිතයෙන් කරන ලද මුලික සමික්ෂණයේ දී මේ ගංගා 103 ආශ්‍රීත ගැටලු සහිත ස්ථාන 10,410ක් පරික්ෂාවට ලක්කර තිබේ. ගං ඉවුරු ඛාදනය, අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම සහ අනවසර ඉදිකිරීම්, වැලි ගොඩ දැමීම, ගෘහස්ථ අප ජලය, මළ අපද්‍රව්‍ය සහ කර්මාන්ත අප ජලය ගංගා වෙත මුදා හැරීම සහ අපජල මඩිති මුදා හැරීම ඉන් ප්‍රධාන වේ.

පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාවට නංවයි.

-පංචාලි අබේසේකර

g1g2g3g4g5g7g8g8

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us