රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට දෙයි

Published in පුවත්
Monday, 22 March 2021 13:49

සබරගමුව පළාත, බස්නාහිර හා දකුණු පළාත සමග සම්බන්ධ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කොළඹ - රත්නපුර නගර එක්කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිරිනැමීම (Awarding of contracts) බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (22) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9ක් ඉදිකිරීම සඳහා කැබිනට් සංදේශය මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී. එම සංදේශය සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

මෙහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි.මි 24.3 ක කොටස පැකේජ හතරකට බෙදා ඉදිකිරීමට නියමිතය. මෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීමට යෝජනා වූ අතර මෙම මාර්ගය ඉදිකිරීම සඳහා Local Competitive Bidding යටතේ කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබිණි. තවත් කැබිනට් සංදේශයක් මෙම කොන්ත්‍රාත් සමාගම් තෝරා ගැනීම සදහා ඉදිරිපත් කළ අතර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීම සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමට කැබිනට් අනුමැතිය ලැබිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන්කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත්වෙන ජනතාවට ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ලබා දීම අප රජයේ මාර්ග පිළිබඳ වගකීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන ලදී.

එම නිසා කඩිනමින් නියමිත දිනට ප්‍රමිතියෙන් යුතුව මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස මෙහි දී ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.

රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ආරම්භ වී පැල්මඩුල්ල නගරය දක්වා කි. මි 73.9 පුරා විහිදේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us