ලාදුරු වසංගතය යළි හිස ඔසවයි. වාර්ෂිකව රෝගීන් 2000ක්

Published in පුවත්
Monday, 22 March 2021 11:16

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9%ක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර පවසයි.

වර්ෂ 2019 මෙරටින් ලාදුරු රෝගීන් 1792 දෙනෙකු වාර්තා වූ බවත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවත් ඇය කීවාය.

මෙරට ලාදුරු ව්‍යාප්තිය අවම කිරීම පිණිස ලාදුරු මර්දන ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන වැඩපිළිවෙළ සමාලෝචනයට ලක්කිරීම නිමිත්තෙන් (20 වැනිදා) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැති රැස්වීමකදී අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය. නිසිලෙස ප්‍රතිකාර ගැනීමෙන් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි බවත් ඇතැම් රෝගීන් අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් ඇය කීවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා සංචරණ සීමා පනවා තිබියදී 2020 වසරේදී ලාදුරු රෝගීන් 1200ක් පමණ වාර්තා වූ බවත් මෙය ඉතා අවදානම් තත්ත්වයක් බවත් ප්‍රකාශ කළේය.

දැනට හඳුනාගෙන තිබෙන ලාදුරු රෝගීන් අතරින් 70%ක් පමණ රෝගය සෙසු අයට බෝකිරීමේ හැකියාව ඇති බවත් ඔවුන්ට වසරක පමණ කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බව ඔහු කීය. රෝග කාරක බැක්ටීරියාව ශරීරගතව ඇතත් වෙනත් අයට රෝගය බෝ කළ නොහැකි අයට ප්‍රතිකාර ලබාගත යුත්තේ මාස හයක පමණ කාලයක් පමණක් බවද අවධාරණය කළේය.

වැලිසර ලාදුරු රෝහලේ රෝගීන් 32ක් පමණ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීවේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ආනල්ඩ්, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලාදුරු මර්දන මහජන පරීක්ෂක ජානක පනම්පිටිය යන මහත්වරුද සහභාගි වූහ.

aruna

Last modified on Monday, 22 March 2021 11:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us