මාධ්‍යවේදියකු පැහැරගැනීම ගැන කියන්න රාජිත සහ චතුර අද අපරාධ කොට්ඨාසයට

Published in පුවත්
Monday, 22 March 2021 09:22

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියාව පැහැරගෙන යෑමේ  සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22 වැනිදා) පෙනී සිටීමට නියමිතය.

තමන් එලෙස ප්‍රකාශ ලබාදීමට පැමිණෙන බව රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න නීතිඥවරයකු මගින් ලිඛිතව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය රාජිත සේනාරත්නට සහ චතුර සේනාරත්නට දැනුම් දී තිබුණද, කලින් යොදාගත් දේශපාලන කටයුතු හේතුවෙන් එලෙස කැඳවනු ලැබූ දිනයන්හි පැමිණිය නොහැකි බව සිය නීතිඥවරයා මාර්ගයෙන් ඔවුන් ලිඛිතව පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව තමන් අද (22 වැනිදා) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න සිය ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us