අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප ජේෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡවක් අතර තුරදී මහින්ද අමරවීර විසින් තිලංග සුමතිපාලට හා ඩිලාන් පෙරේරාට අතින් පයින් පහර දි තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කඩිනම් මහ මැතිවරණයක් වෙත යෑම සඳහා සිරා මරා බලු පූට්‍ටු සන්ධානය මේ වන විට තීන්දු කර තිබෙන අතර ඒ අනුව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ පොහොට්‍ටුව ලකුණින් විය යුතු බව බැසිල් රාජපක්ෂ දැඩි ලෙස බලපෑම කරමින් තිබෙන බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂගේ නායකත්වය පිළි ගනිමින් ඔහුගේ ආණ්ඩුවේ ඇමැතිකම් බාර ගත් එජාපයේ මන්ත්‍රීවරු තිදෙනෙකු යළි ඇමැතිකම් අත් හැර දැමීමේ සුදානමක පසුවේ.

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව මේ වන විට එල්ල වී ඇති විදේශීය බලපෑම හමුවේ සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම අකුලා ගැනිමට සිදුව තිබේ. ලබන 05 වනදා පාර්ලිමේන්තුව ‍රැස් කිරීම සඳහා කතානායකවරයාට ඉඩ දිමට සිදුව තිබෙන්නේද ඒ අනුවය.

ජනාධිපතිවරයා අද දින කැඳවා තිබු ශ්‍රිලනීප ආසන සංවිධායක රැස්වීමෙදී ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව ප්‍රකාශ කර තිබේ. මෙම රැස්වීම සඳහා සියලුම ආසන සංවිධායකයන් කැදවා තිබූ නමුත් සංවිධායක ධුර හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් පැමිණ සිටියේ නැත. ඒ අතර දුමින්ද දිසානායක ද සිටි බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

සිරා මරා බලු පූ‍ට්ටුවේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මිලදි ගැනිමට නොහැකි වීමේ බරපතල ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටී. අද සවස ශ්‍රීලනීපයේ දුමින්ද දිසානායක සමඟ බැසිල් රාජපක්ෂ පැය 3 කට ආසන්න කාලයක් සාකච්ඡා කළද දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම දිනා ගත නොහැකිව තිබේ.

මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවක් පිහි‍ටුවීමට සහය පළ කළේ ප්‍රතිපත්තිමය කාරනා නිසා බවට පැත්ත මාරු කළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් පළ කළද පැහැදිලිම කරණාව වන්නේ තමන්ට ලැබුණු සල්ලි මල්ලේ ප්‍රමාණය අනුව මෙය සිදු කළ බවය.

පසුගිය 26 වන දින රාත්‍රියේම අයි ටී එන් පරිශ්‍රයට කඩා වැදී එහි බලය අල්ල ගත් සුදර්මන් රදලියගොඩ ඇතුලු එම කල්ලියේ මැර පිරිස තමන්ට ඕනෑ ඕනෑ හැටියට ආයතනයේ කටයුතු මෙහෙයවීමට ගැනීමත් සමඟ මේ වන විට එහි සේවක සේවිකාවන් ‍රැසක් ඉවත්ව ගොස් තිබේ.

ld add copy

Connet With Us