කොවිඩ් හේතුවෙන් රැකියා අහිමි පුද්ගලයන් පිළිබදව තොරතුරු රැස්කෙරේ.

Published in පුවත්
Thursday, 18 March 2021 12:36

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියාවට යාමෙි අපහසුතා හේතුවෙන්, අදාළ ආයතනය විසින් සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් හෝ වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි අය පිළිබඳව තොරතුරු රැස්කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට පියවර ගෙන තිබේ.

එවැනි සේවක සේවිකාවන්ට ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳ ව ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කළ ස්ථානයේ ලිපිනය, සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11 මහළ, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ඉල්ලා සිටි.

2021 අප්‍රේල් 01ට පෙර මෙම තොරතුරු එවන ලෙසත් වැඩිදුර විස්තර 0112-368502 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහු පැවසීය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකිය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us