කැළෑ කැපීම යථාර්ථය නම්, වෙන කළ හැකි කිසිවක් නැත. Featured

Published in පුවත්
Thursday, 18 March 2021 14:21

මානව වර්ගයාගේ සංවර්ධනය යන්න ගොඩනැගෙන්නේම ස්වභාව ධර්මය ජයගැනීම යන්න පදනම් කරගෙනය. ස්වභාව ධර්මය ජයගැනීම යන්නේදී වනාන්තර කපා එළිපෙහෙළි කිරීමත් එහි අනිවාර්යයක් වූ අතර අදත් එය එලෙසම සිදුවෙමින් තිබේ.

එහෙත් මේ වනාන්තර එළිපෙහෙළි කිරීම කටයුත්ත ස්වභාව ධර්මය ජයගැනීමක් නොව ස්වභාව ධර්මය හමුවේ පරාජයට පත්වීමක් බව දුරාතීතයේදීම දැන ගැනීමට මිනිසා සමත් විය. ඒ අනුව ස්වභාව ධර්මයත් සමඟ අනන්‍යයව මානව සංවර්ධනය විය යුතු බවට වන දැනුම ලෝකය හමුවේ තිබුණද සංවර්ධනය නාමයේ සිදුවූ බොහෝ ක්‍රියාකාරකම් හිදී ස්වභාව ධර්මය වැනසීම වඩා වේගවත් විය. මුල්‍යමය ලාබයන්, දේශපාලනික වාසි ආදිය තකා ස්වභාව ධර්මය නොතකා හැරීම සිදුවිය. දැන දැනම ස්වභාව ධර්මය වැනසීම සිදුවිය. සිදුවෙමින් තිබේ.

අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේද මේ ස්වභාවධර්මය සමඟ වන ගැ‍ටුමය. ඉවක් බවක් නැතිව වනාන්තර එළිපෙහෙළි කරමින් ජනාවාස ඇති කිරීම, වගාබිම් ඇතිකිරීම, මහා සංවර්ධන ව්‍යාපෘති, ක්‍රියාත්මකවීම සිදුවෙමින් තිබේ. නොයිදුල් වනාන්තර, අවශේෂ වනාන්තර, රක්ෂිත, වගුරු තෙත්බිම් උස්බිම් ආදී වශයෙන් ‍තෝරාගැනීමකින් තොරව මේ පාරිසරි විනාශයන් සිදුවෙමින් පවතී. මෑත ඉතිහාසය පුරාම ඉතා වේගයෙන් වනාන්තර විනාශය සිදුවෙමින් පවතින බව එම දත්ත පරික්ෂා කිරීමදී පැහැදිලිය.

කොහොම නමුත් මේ වන විනාශය සම්බන්ධයෙන් වන විරෝධයද එන්න එන්නම වර්ධනය වෙමින් තිබේ. මේ විරෝධයන් දේශපාලනිකකරණවීම නිසා ආණ්ඩුවලට එරෙහිව වන හුදු ප්‍රචාරක මෙවලමක් ලෙස 'පරිසර විනාශය' භාවිතා කිරීමත් පැහැදිලිවම පෙන්නුම් කර තිබේ. පසුගිය ආණ්ඩු සමයේදී ' විල්පත්තු' වන විනාශය ගැන එක් පාර්ශ්වකින් චෝදනා එල්ල වන විට එම වන විනාශය සාධාරණීයකරණය කිරීමටත් පාර්ශ්වයන් සිටියහ. අද සිංහරාජය විනාශ කරන විටත් දෙපැත්ත බේදී විවාද කරමින් සිටී. පරිසර විනාශයට එරෙහිව වන ඇත්ත වුවමණාව පවා මේ දේශපාලනීක මෙහෙයුම් හමුවේ නොවැදගත් වී යටපත් වීම සිදුව තිබේ. කොහොම නමුත් මේ විවාදයන්ගේ ප්‍රතිපලය කුමක් වුවත් වන විනාශය පමණක් සිදුවෙමින් පවතින බව පිළිගත යුතු යථාර්ථයයි. මෙයට ප්‍රධාන හේතුව පවතින ආණ්ඩුවක හෝ රාජ්‍ය නායකත්වයේ හෝ අවුල නොවේ.. අප තෝරාගෙන තිබෙන සංවර්ධන මාදිලිය පිළිබඳ ප්‍රශ්නයයි.

මෙය ජාතික වශයෙන් බලපවත්වන පොදු කාරණයක් බව තේරුම් නොගෙන ප‍ටු දේශපාලනික වාසි ප්‍රයෝජන වෙනුවෙන් පමණක් කතාකරන මාතෘකාවක් බවට පත්වීමේ අවාසිය මේ රටේ කුදු මහත් ජනතාව කෙරෙහීම නරක ලෙස බලපවත්වන්නකි.

මේ තත්වයන් ගැන පාර්ශ්විකත්වයන් පසෙකලා සලකා බැලිය යුතු නමුත් ඒ සඳහා වන සූදානම කවර පාර්ශ්වයකින්වත් දකින්නට නොලැබීම කණගා‍ටුවට කරුණකි. මේ අනුව රටේ පාරිසරික විනාශයට කාලෙන් කාලෙට පත්වන ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂයන්ද එකහා සමානව වගකිව යුතුය. එමෙන්ම ජනතාවටද එහි වගකීමක් පැවරේ. අපට මේ විනාශකාරී ක්‍රමය වෙනස්කරන්නට හැකිව නැත. එය වෙනස් වෙන ලකුණු දැනට පෙන්වා ඇත්තේ පරිසර විනාශය විසින් අප සියළු දෙනා අර්බූදයක් කරා ගෙන යෑම සිදුවෙමින් පැවතීම විද්‍යාමානවීම තුළ පමණි.

කැළෑ කැපීම තවදුරටත් යථාර්ථය වන්නේ නම් එය අපේ පණ අපිම නහගනවාට වඩා වෙනස් දෙයක් නොවන බවත් වටහාගත යුතුය. පරිසර විනාශය අල්ලාගෙන කරන දේශපාලනයක පදනම විය යුත්තේද එය මිසක් ආණ්ඩුවක් පැ‍රැළීමේ ප‍ටු අවස්ථාවාදී තක්කඩිකමද නොවේ.

 

 - සුජය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us