මහින්ද පරාජය කළා කීවාට මහින්ද පරාජය වෙලා නෑ. මහින්දගේ ප‍්‍රතිපත්ති එහෙම්මම තියෙනවා නම් මහින්ද පැරදුණා කියන්න බෑ. රූපකාය විතරක් එලවලා වැඩක් නෑ. රූපකායත් එලවලා නෑ. මහින්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස ඉන්නවා. මෛත‍්‍රීපාල නායකත්වය දරන පක්ෂයට ඔහු දෙන අනුශාසනා මොනවද? මේ තත්ත්වය වෙනස් කරලා සමාජයට ජයග‍්‍රහණ හිමිකර දෙන්න නම් ජනතාව දේශපාලන වශයෙන් සක‍්‍රීය විය යුතුව ඇතැයිපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසයි.

පිලියන්දල පොලීසිය විසින් එම ප‍්‍රදේශයේ නිවසක තිබියදී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වූ සිවිල් සංවිධාන 47 ක් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඇතිකරගනිමින් සිටින එකඟතාවලට විරෝධය පළ කර තිබෙන බව වාර්තා වේ.

ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පවසන්නේ සිය අමාත්‍යංශයට අයත් ආයතනවල සිදුව ඇති වංචා දුෂණ රැසක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

රජයේ දින 100 වැඩසටහන යටතේ යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පත් කර ඇති ජාතික විධායක සභාවට තවත් යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා තලවතුගොඩ බටදෙනිය ප්‍රදේශයේ ඉඩමක් බලය යොදවා අත්පත්කර ගැනීමට කටයුතු කළ බව අනාවරණය වේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සිය පළමු නිළ සංචාරය ලෙස අද (17) රාත‍්‍රියේ ඉන්දියාව බලා පිටත් ගියේය.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත බදාදා (21 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සමඟම දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද එදිනම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

worky

worky1

ld add copy

Latest News

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us