දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිසක් කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දැදුරු ඔයට විෂ රසායන සහිත අපජලය මිශ්‍රකරමින් දැදුරු ඔයත් ඒ අවට ජන ජීවිතයත් විනාශ කරන කොබෙයිගනේ පිහිටි නොර්වේ කර්මාන්ත ශාලාවක් වන ජිෆී ආයතනයේ මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩෛ‍ෆින් ඇලෙක්සැන්ඩ්ර් මහතා පසුගියදා මෙරටට පැමිණ යහපාලන නායකයන් හමුවී ජිෆී ආයතනයට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුතුන් විසින් එම පාලන සමයේදී කළ දූෂණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මහිඳ රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු ච්නමල් රාජපක්ෂ මහතා රජයේ සාක්ෂි කරුවකු ලෙස එම අධිකරණ ක්‍රියාවලියේදී කටයුතු කරනු ඇති බව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාෂ ආරංචි මාර්ග පවසයි.

මෙරට අංක එකේ ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරාට අයත් වැලිබල් ෂිපිං ලංකා සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබ ගන්න ලද ඩොලර් මිලියන 1.6 ක (රුපියල් මිලියන 200ක ට ආසන්න)ණය මුදලෙන් රුපියල් මිලියන 130,කට ආසන්න මුදලක් කපා හැරීම සූදානමක් ගැන වාර්තාවේ.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කාර්යාලය සම්බන්ධයෙන් සොය බලා වාර්තාවක් සකසා දෙන ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවට, 'දිනමිණ' හා 'දිවයින'පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන එම සංගමය , ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් අලුත් ආකාරයක මාධ්‍ය මර්දනයක් ආරම්බ කර තිබේ දැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටී.

යුද සමයේදී සහ යුද්ධයෙන් පසුව විවිධ වූ ක්‍රියාකාරකම් හේතුවෙන් තවමත් බන්ධනාගාරගතව සිටින දේශපාලනික සිරකරුවන් වූ තමන්ගේ පියවරුන් වහාම නිදහස්‌ කරන මෙන් වත්මන් රජයෙන් ඉල්ලා යාපනය, වව්නියාව ආදී ප්‍රදේශ කිහිපයක ඊයේ සහ පෙරේදා කුඩා දරුවෝ සහ පාසල් සිසුහු ‌ විරෝධතාවක නිරත වූහ.ළමා දිනය අලලා මේ ක්‍රියාකාරකමෙහි ඔවුහූ නිරත වූහ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රටවල් ගණනාවක නායකයින්ගේ හිත දිනා ගැනීමට සමත්වීම පිළිබඳව විපක්‍ෂ නායකයා ලෙස තමා මුළු හදින්ම සතුටට පත්වන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.ඇමරිකානු ජනාධිපති ඔබාමා මහතා අපේ ජනාධිපතිතුමා සුහදව පිළිගැනීම නිසා ලෝකයේ ඕනෑම රටකින් දැන් අප රටට උදව් ලබා ගැනීමට හැකි වාතාවරණය සැලසී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

වානිජ බැංකුවල පොලී අනුපාතය දෙගුණයකින් පමණ  ඉහළ යන බව මූල්‍ය වෙළෙද පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. හෙට දිනය තුලදී මේ තීරණය මහ බැංකුව ගනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

ld add copy

Connet With Us