දෛනිකව දීපව්‍යාප්තව වැටලීම් සියයක් පමණ සිදු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ.
සහල් පාලන මිල අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත් හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් කීරි සම්බා සඳහා පැවති පාලන මිල මේ වනවිට ඉවත් කර තිබේන බවයි වාර්තා වෙන්නේ.
-පංචාලි අබේසේකර