පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ඉල්ලීමක්  

Published in පුවත්
Thursday, 04 March 2021 11:59

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ය.

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව තුළ සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැළකීම්වලට ලක්වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ද ප්‍රධාන වශයෙන් මෙම මෙම කාරක සභාව යෝජනා කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිඛිත ඉල්ලීමකර ඇත.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති බවය.

එම යෝජනාව සඳහා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියට අමතරව අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීරියන් වන ආචාර්ය හරිනි අමරසූරිය, රෝහිණි කුමාරි විජේරත්න, තලතා අතුකෝරළ, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද අත්සන් තබා තිබේ.

මෙම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් පත්කරනු ලැබිය යුතු බවත් යෝජිත කාරක සභාවේ සං‍යුතිය මන්ත්‍රීවරයන් 25 ගෙන් සමන්විත විය බවටත් යෝජනාකර ඇත.

සිය පළමු රැස්වීමේ දිනයේ සිට වසරක් ඇතුළත කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එය සභාගත කර සති 08 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වන සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතු බවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් යෝජනාකර තිබේ.

රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනිවිලි විභාග කර බැලීම, සියලුම අංශවලට සහ සියලුම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන්කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ඇතුළු යෝජනා දහයක් (10) කාරක සභාවෙන් ඉටුවිය යුතු බවට මන්ත්‍රීවරියෝ යෝජනා කරති.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us