පාඨලීට අධිචෝදනා

Published in පුවත්
Thursday, 04 March 2021 16:07

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

මෙම නඩුව විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ ඉදිරියේදියි . අධිචෝදනා පත්‍රය කියවා දීමෙන් පසුව පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නැති බව සදහන් කරමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙවැනි විරෝධතාවක් ඉදිරිපත් කළ හැක්කේ නඩුවේ මුල් අවස්ථාවේදී බව කියාසිටියා. මේ වන විට විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාර දී ඔහුට අධිකරණය මගින් ඇප නියම කර ඇති බැවින් ඔහු අදාළ චෝදනාවලට යටත්වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ. කෙසේ වුව ද මූලික විරෝධතාව පිළිබද විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කරන ලෙසට අධිකරණය නියෝග කළා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us