අදින් ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදු වන වන විනාශය නතර කිරීමට කඩා පනින හමුදාව යෙදවීමට තීරණය කර තිබේ.

ගත වූ පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා 27ක් මෙහෙයුම් කටයුතු සිදුකර තිබේන බව වාර්තා වෙනවා.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇති බව කොවිඩ් මර්දන බළකායේ සදහන් කර ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණාත්මක අවසන් සාකච්ඡාව අද (01) පැවැත් වීමට නියමිතයි.

පාස්කු අවසන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර එහි ඇතුළත් ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය බුද්ධි අංශවලට අදාළ තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව සලකා බලන ලෙස ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේනව.

අත් පිරිසුදුකාරක (Hand Sanitizers) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිවීමෙන් තොරව ආනයනය කිරීම හෝ අලෙවි කිරීම අප්‍රේල් පළමු වැනිදා සිට සපුරා තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

රජය මගින් හඳුන්වා දීමට සූදානම් වන ‘විශේෂ භාණ්ඩ හා සේවා බද්ද’ රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඇතැයි දේශීය ආදායම් සේවා සංගමය ප්‍රකාශ කරයි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us