රට පුරා ග්‍රාමීය ක්‍රීඩාපිටි 332ක් එකවර සංවර්ධනයට පියවර

Published in පුවත්
Wednesday, 03 March 2021 12:10

ජවසම්පන්න පරපුරක් උදෙසා "ගමට පිටියක්" ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව ඊයේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයකට අනුව ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රට පුරා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

ගමට පිටියක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එකතු වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කරේ රට පුරා ක්‍රීඩා පිටි 332ක සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි.

එහිදී අදහස් පල කල අගමැතිවරයා ,

''අද අපේ සමහර දෙමව්පියෝ හිතනවා, ක්‍රීඩාව කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතා ම හොඳ ඉල්ලුමක්. අද ක්‍රීඩාව කියන්නේ එක පැත්තකින් වෙළෙඳපොළක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විෂයක් බවට පත්වෙලා ඉවරයි.
අද අපේ රටේ ක්‍රීඩා පාසැල් ගණන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ තත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕනි. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයො බිහිකරන්න ඕන.
එදා මේ රටේ හැමතැන ම එකම ක්‍රීඩා පිට්ටනියක් වගේ තිබුණේ. වතුපිටි විශාලයි. ගම්වල ඕනෑ ම වත්තක ඕනෑ ම ක්‍රීඩාවක් කරන්න පුළුවන් තරම් ඉඩකඩක් තිබුණා. නමුත් දැන් අපි පාරේ යනකොට පේනවා බොහෝ නගරවල වගේ ම ගම්බදවත් ඉඩකඩම් ඉතා ම කුඩා වේගෙන යනවා. ඒ වගේ ම අද වාහන පාකින් එකක් හදන්න තියෙන උනන්දුව දරුවන්ට ක්‍රීඩාපිටියක් හදන්න ඇත්තේ නැති බව ඔබ පිළිගන්නවා ඇති.
මේ රටේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩක් තියෙනවද කියන කාරණය ඒ නිසා අලුතෙන් ම අපි හිතා බලන්න ඕනේ. මේ තත්ත්වයෙන් රට මුදාගන්න, අපේ ජාතිය බේරාගන්න තබන හොඳ ම පියවරක් තමයි අද මේ අපි තබන්නේ කියලයි මම විශ්වාස කරන්නෙ'' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

 p1p2p3p4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us