හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා අවසර

Published in පුවත්
Wednesday, 03 March 2021 11:49

හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

කොමිසම පෙන්වාදෙන්නේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතියද මේ දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවකි.

දැනට දිවයින පුරා වියළි කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වී ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව සදහන් කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු ඒ මහතා,

“වර්තමානයේ ඉතා උණුසුම් කතාබහක් ඇති වෙලා තියෙනවා විදුලි කප්පාදුවක් ඉදිරියේ දී ඇති වෙයි ද කියලා. කොමිෂන් සභාව වශයෙන් මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් ඉන්නවා. ඒ වගේ හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් අතිරේක විදුලිය ලබාගැනීම සඳහා අපි දැනටමත් කොමිෂන් සභාවේ අවසරය ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ නෑ දැනට තියෙන තත්ත්වය අනුව නුදුරු අනාගතයේ දී විදුලි කප්පාදුවක් එයි කියලා.“

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us