එම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මෙම අනතුරු ඇඟවීම සිදුකරන ලද්දේ පෙරේදා (01දා) සූරිච් නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සෑම රටක් විසින්ම සිදුකරන ආසාදිතයන් අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ අඩුකිරීමකින් තොරව අඛණ්ඩව සිදුකළ යුතු බවද වෛද්‍ය ඇඩනොම් එහිදී අවධාරණය කර තිබේ . එසේම එන්නත් භාවිත කළද නොකළද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු අනිවාර්ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම කෙරෙහි තවදුරටත් පූර්ණ විශ්වාසය තැබිය යුතු බවද ඔහු පවසා තිබේ.
-පංචාලි අබේසේකර