භූමදානය කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක්  

Published in පුවත්
Thursday, 04 March 2021 10:09

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යෑමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර තිබේනවා.

ඒ අනුව ,

* කිසියම් පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යෑමෙන් පසු එම මරණය භූමදානය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ ඥතීන් විසින් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කළ යුතු වේ.

* මියගිය පුද්ගලයාගේ දේහය හඳුනාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරණතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකෙරෙනු ලබයි.

* ඒ අනුව සෑම දිනකම පෙරවරු 5.30ට ඉරණතිව් දුපත බලා කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් රැගෙන යෑමට නියමිතය.

* එමෙන්ම මළසිරුර භූමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම්.

* දේහය පෙට්ටියක තැන්පත් කළයුතු වන අතර කිසිදු හේතුවක් මත එය විවෘත කිරීමට අවසර හිමි නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරඇති මෙම මාර්ගෝපදේශ මාලාවේ පිටපත් පාර්ශ්ව 16ක් වෙත යොමුකර ඇති බව සඳහන් වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us