තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ නැවැත්වීම සදහා පැවති ආණ්ඩුවේ පිරිසක් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.  හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණද නවාතා ගැනීමේ උත්සහයක් පවතින බවත් ඒ සදහා  ජනාධිපති නීතිඥයෙකු නීතිපතිට බලපෑම් කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන දූෂණ විරෝධි පෙරමුණ බව පවයි.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීමට දූෂිත හා නොසුදුසු පුද්ගලයින් අවශ්‍ය නැති  බව  සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ වත්කම් පරීක්ෂා කිරීමට පියවර ගන්නැයි මහාධිකරණය පොලිසියට නියෝග කර ඇත.

දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන චීන වරාය නගරය නතර නොවන්නේ නම් නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී එහි සැපයුම්කරුවන්ව සිටි ව්‍යාපාරිකයන් හා ආරක්ෂක අමාත්‍යංශයේම අතරමැදියන්ව සිටි දූෂිත නිළධාරීන් මේවන විට අලුත් ඇමැතිවරවයා හා පෙර කල සිදුකරමින් සිටි ගනුදෙනු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

ලබන පළමු වනදා සිට සියයට අටකින් බස් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී ඇත. අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ජාවේදී එම තීරණයට එළඹි බව බස් සංගම් පැවසුවේය.

ඉකුත් රජයේ රැකියා ක්‌ෂේත්‍රයකට සම්බන්ධ අමාත්‍යාංශයක් විසින් කිරිඅම්මාවරුන්ගේ දානයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ 20 ක්‌ වියදම් කර ඇති බව හෙළිවී ඇත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us