තැපැල් ගාස්තු සංශෝධනයට පියවර

Published in පුවත්
Thursday, 25 February 2021 11:09

තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

මෙම තීරණයට හේතුව ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ දෙපාර්තමේන්තුවේ අලාභය අවම කර ගැනීමත් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ගැනීමටත්ය.

සාමාන්‍ය ලිපියක් සඳහා මුද්දර ගාස්තුව රුපියල් පහළොවක් වන නමුත් ඒ සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් විසි දෙකයි ශත හැත්තෑ පහක් වැය වන බවත් ශීඝ්‍රගාමී තැපැල් සේවාව සඳහා දෙපාර්තමේන්තුව රුපියල් පනහක් වැනි අඩු මුදලක් අය කළ ද පෞද්ගලික අංශය ඒ සඳහා රුපියල් දෙසිය පනහක් පමණ අය කරන බවත් දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා සිටි.

එසේම තැපැල් සේවාවේ අනෙකුත් ගාස්තු ද ඉතාම අවම මට්ටමක හේතුවෙන් දෙපාර්තමේන්තුව දිගින් දිගට ම අලාභ ලබමින් තිබීම නොවැළැක්විය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගාස්තු සංශෝධනය සඳහා ලබන මාසයේ දී නව යෝජනා අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බවත් තැපැල් සේවාවේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන එම යෝජනා පිළිගැනීම නොගැනීම අමාත්‍යාංශයේ කාර්යයක් බවත් නිලධාරීන් පවසයි. ඒ අනුව නව යෝජනා මාර්තු මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us