ජිනීවා සමුළුව පැරද වීමට ජනපති විසින් මෝදිට ලිපියක්

Published in පුවත්
Thursday, 25 February 2021 12:48

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ඉන්දියාවේ එන්ඩීටීවී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කරනවා.

එම වාර්තාවන්ට අනුව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර ඇත.

ශ්‍රී ලංකා විදේශ ලේකම් ජයනාත් කොළඔගේ උපුටා දක්වමින් ඉන්දීය වාර්තා පෙන්වා දී ඇත්තේ මෙලෙස ලිපි යොමු කිරීම මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයේ කොටසක් බවයි.

‘‘අපි පළමුවෙන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයා අනෙක් සාමාජික රටවල තානාපතිවරුන් හමු වූ විට එම රටවල නායකයන් වෙත යොමු කිරීම සඳහාද ලිපි ලබා දෙනු ඇති’’ යැයි විදේශ ලේකම්වරයා පවසා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් හා වගවීම් පිළිබඳ චෝදනා ඉදිරිපත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටින්ග්‍රෝව ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවක් ඊයේ (24 වැනිදා) මානව හිමිකම් කවුන්සියෛ් 46 වැනි සැසිවාරය වෙනුවෙන් න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරිණි. ශ්‍රී ලංකාව සාමාජික රටවලින් සහයෝගය ඉල්ලා ඇත්තේ මෙම යෝජනාවලිය පරාජයට පත් කිරීම සඳහා බවද ඉන්දීය ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us