ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දැන් දිවයිනට  

Published in පුවත්
Thursday, 25 February 2021 15:12

ඉන්දියාවේ ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේන බව වාර්තා වෙනවා.

මෙය මිට පෙර ඉන්දියාවේ සීරම් ආයතනය හරහා රාජ්‍ය ‍ඖෂධ නීතිගත සංස්ථාව මුදල් ගෙවා ඇණවුම්කර තිබූ එන්නත් තොගය බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් මෙරටට හිමි වී තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන දෙවන කොවිඩ් මර්දන එන්නත් තොගය මෙය වෙයි.

මේ අතර කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරට ජනගහනයෙන් සියයට 27කට පමණ ප්‍රමාණවත් වන එන්නත් තොගයක් කඩිනමින් ලැබීමට නියමිතව තිබේ.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් ද එන්නත් මිලියන 10ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us