හඳුනාගත් නව ආසාදිතයින් 32දෙනා නේවාසික රැඳවියන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4613 ක් වන අතර රැඳවියන් 181දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 76,961ක් දක්වා ඉහළගොස් ඇත.
-පංචාලි අබේසේකර