කෝටි 45ක හෙරොයින් සමග හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 27 February 2021 10:06

රුපියල් කෝටි 45කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික ප්‍රමාණයක් සමග යුද හමුදා සෙබළුන් දෙදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය හොරණ ප්‍රදේශයේදී ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ සෙබ​ළෙක් හා යුද හමුදාවේ සේවය කර මාස දෙකකට පෙර පලාගිය සෙබ‍ළෙකි.

මෙම සැකකරුවෝ පොළොන්නරුව හා මාතර ප්‍රදේශවල පදිංචිකරුවෝය. දඹුල්ල කඳවුරේ සේවය කළ සෙබළා දෙහිවල අත්තිඩිය මිහිඳු සෙත්මැදුර කඳවුරට තාවකාලිකව රාජකාරි සඳහා යොදවා සිටි අයෙකු බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. විදෙස්ගතව සිටින බව කියන මිදිගම රුවන් චින්තක හෙවත් හරක්කටා සහ පසුගියදා පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන සළිඳු නමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

කුලී පනදම මත යුද හමුදාව ලබාගත් වෑන් රථයක් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන තිබේ. මෙම වෑන් රථය ප්‍රදේශයේ කාන්තාවකට අයත්ය.ගාල්ල ඉමදුව ප්‍රදේශයෙන් මෙම හෙරොයින් තොගය ලබාගෙන අධිවේගී මාර්ගයේ පැමිණ ගැලනිගම ප්‍රවේශයෙන් පිටවී ​හොරණ ප්‍රදේශයට පැමිණි විටදී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ මෙම සෙබළා රියැදුරකුගේ රාජකාරී ආවරණයට යොදවා සිට ඇති අතර, ඔහුගේ අභිමතය පරිදි මෙලෙස මෙම වෑන් රථය කඳවුරෙන් පිටතට රැගෙන ගොස් ඇති බවය.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හොරණ අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us