අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කිරීම අරමුණු කර ගත් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංග යොජනාව මේ වන විට කතානායක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කර තිබේ. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනා සහ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 4 දෙනෙකු අත්සන් තබා ඇත.

මහින්ද රාජපක්ෂට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ආණ්ඩුවේ සැලසුම ගැන පොහොට්‍ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අණාවරණය කරයි. ඊයේ (20)ඇන් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් අගමැතිධුරය සඳහා මහින්ද රාජපක්ෂව නම් කිරීම ස්ථිර වශයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂ තොරතුරු මාර්ග පවසයි. මේ වෙනුවෙන් ඇමැති නිමල් සිරිපාල හෝ දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු බවට ශ්‍රීලනිපයෙන් යෝජනා ඉදිරිපත්ව තිබුණද එම අවදානම් සහගත පත් කිරීම් සිදු කිරීමට මහින්ද රාජපක්ෂ කිසිසේත් එකඟ වෙන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමි‍ටුවක් ලෙස ක්‍රියාත්මක වන ආර්ථික සභාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාවට එරෙහිව එජාප ඇමතිවරුන් සියලු දෙනාගේ අත්සනින් යුතුව පොදු කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව එජාප ආරංචිමාර්ග පවසයි. මෙය ජනාධිපතිවරයාගේ මුග්ධ ස්ථාවරයන්ට එරෙහිව එජාපය කොන්ද පණ ඇතිව ගත් පළමු ප්‍රහාරක තීන්දුව ලෙසද සැලකිය හැකිය.

තලවතුගොඩදී මෝටර් රථයන් අනතුරකට පත් වීමේ සාමාන්‍ය සිදුවීමක් නිසා මේ වන විට පොලීසියට ජනාධිපති පුතාව සුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව කිරීමට සිදුව තිබේ.

ඊයේ (17) අලුයම තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී අනතුරට පත්වූ මෝටර් රථය ජනාධිපතිවරයාගේ පුතා වූ දහම් සිරිසේනට අයත් බවත් අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු එය පදවා ඇති බවට පළවූ පුවත සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පොලීසියට නියමකර ඇති බව මෛත්‍රීපාර්ශ්වයේ හිතවත්කම් ඇති වෙබ් අඩවි වාර්තා කරයි.

“කංසා වගා කිරීම පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා රටවල ලොකු ඉල්ලුමක් තිබෙනවා. ස්නායු රෝග සදහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතයයි. කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නිලතල වෙනස් කිරීම ලබන 31 වන දිනට පෙර සිදුවනු ඇති බව තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක අද දින මාධ්‍යෙව්දීන් හමුවේ පැවැසීය. මේ වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කමි‍ටුවක් පත් කර ඒ සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡාවට ගැනෙමින් පවතින බවත් එම කමි‍ටුව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කටයුතු කරමින් තිබෙන බවත් පවසයි.

ld add copy

Connet With Us