පාස්කු වාර්තාවේ ඇතුළත් බුද්ධි තොරතුරුවල රහස්‍යභාවය සුරකින්න - ජනපති කොමිසම

Published in පුවත්
Monday, 01 March 2021 10:25

පාස්කු අවසන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර එහි ඇතුළත් ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය බුද්ධි අංශවලට අදාළ තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව සලකා බලන ලෙස ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේනව.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පෙබරවාරි 1 වැනිදා භාරදුන් පාස්කු අවසන් වාර්තාව වෙළුම් 6 කින් සමන්විත අතර එහි පළමු වෙළුම පාර්ලිමේන්තුව වෙත දැනටමත් ඉදිරිපත් කර තිබේ. එම අවසන් වාර්තාවේ ඉතිරි වෙළුම් දෙකක ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය බුද්ධි අංශවලට අදාළව ඉතා රහසිගතව ලබාගත් තොරතුරු සහ සාක්ෂි අන්තර්ගත වන බව ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 2 සිට 6 දක්වා ඉතිරි වෙළුම් ලබාදෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතවම ඉල්ලීමක් කර ඇති අතර, ඊට අමතරව දේශපාලන පක්ෂ රැසක්ද වාර්තාවේ ඉතිරි වෙළුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කර ති​බේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us